රථ ගාය-2 සුපර්චාජර් ගැන දැන ගනිමූ

සුපර්චාජර් ගැන දැන ගනිමූ.... අද අපි මේ ගෙන එන්නෙ ටෙක්නිකල් හංදියේ 100 වන ලිපියයි :) මේ පාර ලිපියෙන් අපි කතා කරන්න යන්නේ සුපර්චාජර් ගැන .    මම කලින් ලිපියෙන් ටර්බෝ ගැන කතා කලා , ගොඩක් අයට මතක ඇති,මේ දෙකේන්ම කරන්නේ එකම දෙයක් නි...

Tech-Handiya කතා බහ -1 (හැදින්වීම)

  කරන කරන වැඩ ඉහලින්           සිදු වේවාපතන පතන පැතුමන් සැම          ඉටු වේවාසතුටෙන් සෙනෙහසෙන් සැම මුව සැරසේවාලැබූ වසර කිරි පැණියෙන්           ඉතිරේවා     &...

රථ ගාය -1 ටර්බෝ චාජර් ගැන දැන ගනිමු

රථ ගාය තියෙන අය බොහොමයක්ම අපිත් එක්ක එකතුවෙලා ඉන්නවනෙ, මේ ලිපි පෙලෙන් අපි කතිකා කරන්නේ ඒ අයට ගැලපෙන මාතෘකා කිහිපයක් ගැනයි...   1. ටර්බෝ චාජර් "Turbocharger" මොකක්ද මේ "Turbocharger" කියන්නේ?...     අද කාලේ හැමෝම "sports...

ඇත්ත නැත්ත -2 (Coke බීල Mentos කමුද?)

අපි  පෙර ලිපිය අවසන් කලේ සුප්‍රසිද්ධ කෝක් සමග මෙන්ටොස් ප්‍රතික්‍රියාව ගැන ප්‍රශ්ණාර්ථයක් ඉතිරි කරල. අපි  දැන් ඒ ප්‍රශ්ණ එකින් එක සලකා බලමු.

ebay ගනුදෙනු වලට අත ගහමුද?

   e-bay ගැන මේක බලන සමහර අය අහල ඇති, ඒ ගැන හොඳට දන්නවත් ඇති. සමහරු e-bay ගැන මුකුත්ම දන්නෙ නැතුව ඇති. මේ ලිපිය e-bay ගැන මුකුත්ම දන්නෙ නැති ඒ වගේ අයට e-bay ගැන කියල දෙන්න දරන පොඩි උත්සහයක්.

  • රථ ගාය-2 සුපර්චාජර් ගැන දැන ගනිමූ

    Sunday, 22 April 2012 20:45
  • Tech-Handiya කතා බහ -1 (හැදින්වීම)

    Saturday, 21 April 2012 11:20
  • රථ ගාය -1 ටර්බෝ චාජර් ගැන දැන ගනිමු

    Sunday, 08 April 2012 18:58
  • ඇත්ත නැත්ත -2 (Coke බීල Mentos කමුද?)

    Monday, 08 August 2011 17:00
  • ebay ගනුදෙනු වලට අත ගහමුද?

    Friday, 22 July 2011 13:58

Tech-Handiya Articles

මද්දහනේ දැඩි හිරු එලිය මැද උනත් විසිතුරු තරු රටා ඡායාරූපයට නැගිය හැකි කැමරාවක්!

  • PDF

 


        Spectral Instruments  කියන්නෙ ඇමරිකාවෙ තියන පුංචි සමාගමක්. ඔවුන් මේතාක් කළේ විද්‍යාගාර වල සහ චන්ද්‍රිකා ඡායාරූපකරණ අවශ්‍යතා සදහා අවශ්‍ය සුවිශේෂී කැමරා නිර්මාණය කරපු එක. නමුත් පසු ගියදා ඔවුන් යූ ටියුබ් වී‍ඩියෝවක් මගින් අපූරු නිශ්පාදන අදහසක් වෘත්තීය ඡායාරූප ශීල්පීන්ට ඉදිරිපත් කළා...

largerformat2

        Spectral Instruments  සමාගම කියන විදියට ඔවුන්ට ඡායාරූප ශිල්පීන්ගේ භාවිතය සදහා මෙගාපික්සෙල් 112ක  95x95mm ප්‍රමාණයේ සංවේදක සහිත Filter-less කළු-සුදු කැමරාවක් නිශ්පාදනය කිරීමට ඔවුනට පුළුවන් කම ඇති බව ප්‍රකාශ කර සිටියා. මෙය වෘත්තීය කැමරාවක් සමග සංසන්දනය කරොත් සෙන්සරය දහගුණයකටත් ව‍ඩා විශාලයි. ඒවගේම කිසිදු noise බලපැමකින් තොරව පැය ගණනාවක් වුවත් අනාවරණය කරන්නටත් පුලුවන්.

ඉතිං මෙවැනි කැමරාවක ඇති වැඩේ මොකක්ද?

මේවා දැනට පාවිච්චි වෙන්නේ අහසේ රදවා ඇති චන්ද්‍රිකා වල... නමුත් මෙම කැමරා වලින් ලබා ගත හැකි පුළුල් ගතික පරාසය (Dynamic Range) නිසා  නිර්මාණශීලී ඡායාරූපකරණයට අපූර්ව ලෙස යොදාගන්න පුළුවන් වේවි. නමුත් මෙම සමාගම මෙයින් ගතහැකි වැඩ ගැන කියනවා වෙනුවට වෘත්තීය ශීල්පීන්ට මෙන්ම කැමරා රසිකයින් ගෙනුත් අපූරු ඉල්ලීමක් කරනවා... ඔවුන් පවසන විදියට ඔවුන්ගේ කුඩා සමාගමට මෙවැනි කැමරාවක් සාමාන්‍ය වෙළදපොලට මුදා හැරීම සදහා ආයෝජනය කරන්න කලින් දෙපාරක් හිතන්න වෙනවාලු. ඉතිං මේ වැඩේට අතගහන්න නං වෘත්තීය ශීල්පීන්ට සහ කැමරා රසිකයින් එකතුවෙලා තමන්ව දිරිමත් කරන්න ඕන බවයි සමාගම ඉල්ලන්නෙ

මීට හොද ප්‍රතිචාරයක් ලොවපුරා කැමරා රසිකයන් එකතු වෙලා දැනටමත් දීල තියනවා. ඔවුන්ගේ වීඩියෝවට views 50000 හා  comments විශාල ප්‍රමාණයක් ලැබී ඇති අතර ඔවුන්ගේ නිල වෙබ් අඩවිය අධික ප්‍රවේශන ප්‍රමාණය හමුවේ මැයි 18 දිනය පුරා තාවකාලිකව බිද වැටී තියනවා...

ආරන්චි මාර්ග කියන විදියට මෙම කැමරා සෙන්සරය නිපදවන්න ඩොලර් ලක්ෂයක් පමණ වැය වෙයි ලු! ටිකක් ලොකුමුදලක් උනාට වෘත්තීය කැමරා මෙවලම් වල මිලත් එක්ක බලද්දි මේ මිල බොහොම සාධාරණ එක්ක කියල තමයි අපිටනං හිතෙන්නෙ !

Source:

www.specinst.com

gizmodo.com  

 

 

SEND එබූ සැනින් ...

  • PDF

ඊ මේල් කියන්නනෙ දැං අපි තොරතුරු හුවමාරු කර ගන්නට නිතරම පාවිච්චි කරන මෙවලමක් බවට පත්වෙලා...

ඒත්  ඊ මේල් එකක් ලියල SEND එබූ සැනින් තත්පර කිහිපයක් ඇතුලත මෙම ලිපිය ලබන්නාගේ ඊ මේල් ගිණුම වෙත යන්නේ කොහොමද කියල ඔයගොල්ලො හිතුව ද?

gmail

 

මේ ගැන කියාදෙන්න ගූගල් සමාගම Interactive Infographic එකක් නිර්මාණය කරල තියනවා Story of Send නමින්...

මෙතනින් ඔබට ඒ වෙත යන්න පුළුවන්: Story of Send

 ගූගල් සමාගම පරිසර හිතකාමී හරිත ප්‍රතිපක්කියක් අනුගමනය කරන සමාගමක් ලෙස තමන් පරිසරයට මුදාහරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කරගන්න අරන් තියන පියවරවල් ගැනත් මෙම සටහනේ ඔවුන් දක්වලා තියනවා. තවත් වැඩිදුර තොරතුරු රැසක් http://www.google.com/green/bigpicture/ වෙත පිවිස දැන ගන්නට පුලුවන් ...

රථ ගාය-4 නයිට්‍රස් ඔක්සයිඩ් පද්ධති (NOS) ගැන දැනගනිමු

  • PDF

      සුපුරුදු පරිදි අදත් අපි කතා කරන්න යන්නේ මෝටර් රථවලට සම්බන්ධ දෙයක් ගැනයි.

NOS        මම කලින් ලිපි වලදී වාහනවල එන්ජිමේ බලය වැඩි කරගන්නා ආකාරයන් කීපයක් ගැන සදහන් කලා මතක ඇති. අදත් මම කතා කරන්නේ ඒ වගේම බලය වැඩි කරගන්නා ආකාරයක් ගැනයි.
   අද මම කතා කරන දේ ගැන ඔයාල අහලා තියෙන්නත් පුලුවන් , සමහරවිට නැතිවෙන්නත් පුලුවන්. ඒත් නිතරම "Need For Speed" වගේ පරිගනක ක්‍රීඩාවල යෙදෙන අයට නම් මේක අමුතු දෙයක් නෙවේයි.

Read more...

DC මෝටරයක් පාලනය කිරීම - DC Motor Controlling

  • PDF

 අද පොඩ්ඩක් වෙනස් මාතෘකාවකට බහින්නයි යන්නේ.

DC Motorමේ ලිපි කිහිපය , රොබෝලා, රොබෝ  වාහන (Robotic Vehicles) , රොබෝ අත් (Robotic Arms) වගේ දේවල් වලට ආස කරන සහ ඒවගේ දේවල් හදන්න ට්‍රයි කරන අයට උදව්වක් වේවි. 

මේ වගේ රොබෝ උපාංග වල අනිවාර්ය අංගයක් තමයි සරල ධාරා මොටර (DC Motors) කියන්නේ. මෝටර් නැතුව ඉතින් මොන රෝබෝලද....

මේ මෝටර් පාවිච්චි කරද්දී එන ප්‍රධානම ගැටළු දෙකක් තමයි මොටරයේ භ්‍රමණ දිශාව (Direction of Rotation) සහ භ්‍රමණ වේගය (Speed) පාලනය කිරීම...අද අපි ඒ ගෙන පොඩ්ඩක් කතා කරන්නයි බැලුවේ.

 

හැබැයි මේ වැඩේට PIC ගැන පොඩි දනුකුත් තියෙන්න ඕනේ.....ඒ ගැන දැනගන්න පහත ලින්ක් එක පාවිච්චි කරන්න පුළුවන්.

http://www.tech-handiya.com/electricalandelectronics/62-pic-qq-qq-.html#axzz1uAgK1CDR

එහෙනං වැඩේ පටන් ගමුකො.....

 

From Motor Control

 

Read more...

රථ ගාය -3 ඉන්ටර්කූලර් ගැන දැනගනිමු

  • PDF

 ඉන්ටර්කූලර් ගැන දැනගනිමු...

INTERCOOLER

     අද මම කතාකරන්නේ ඉන්ටර්කූලර් ගැන , මීට පෙර අපි වාහනවල මේ ටර්බෝ සහ සුපර්චාජර් ගැන කතා කලා. ඇත්තටම මේ ලිපි තුනම එකිනෙකට සම්බන්ධයි. සමහර විට මුල පෙර ලිපි දෙක බැලුවේ නැත්නම් මේ ලිපිය පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්.

ඒ නිසා ඒ ලිපි දෙක බැලුවේ නැති අයට...
ටර්බෝචාජර් ගැන දැනගනිමු..

http://www.tech-handiya.com/general/176-automobile1.html

සුපර්චාජර් ගැන දැනගනිමු..

http://www.tech-handiya.com/general/178-automobile-2-.html

 

Read more...

Page 1 of 21