About Me

My photo

I'm an technology enthusiastic and Electrical and Electronic engineer. 

Tuesday, July 21, 2009

"මෙවර අපි නවක අනුගතකරණය කරන්නෙමු" - E07 'සහෝදර පිරිස'

අද දින හාහාපුරා කියලා ඉංජිනේරු පීඨයට නවක සිසු කැල පියනැගූ දවසයි. වසර දහතුනක පාසැල් ජීවිතය නිමවී ඉතා ඉහලන් උසස් පෙල ප්රතිඵල ලබා දහසක් බලාපොරොත්තු සමගින් පැමිණෙන ඒ සිසු කැල පිලිගැනුමට මුළු සරසවියම සූදානම් වන මේ මොහොතේ නවකවදලෝලී සහ නවකවද විරෝධී සිසු පිරිස් අතර සංවාද ඇති වීම සාමාන්ය දෙයක් වුව ද, මෙවර ඒ සංවාද සීතල යුද්ධයකට සමානය.
පසු ගිය වසර කිහිපය මුළුල්ලේ ම 'උප සංස්කෘතියේ' වූ සාමාන්යය ස්වරූපය වූයේ නවකවද විරෝධී සිසු පිරිස් සරසවිය තුළ කොන්වු පිරිසක් බව මවා පා පලමු සතිය ( මල් සතිය) තුළ "ආදරණීය නංගිලා මල්ලිලා" ට සහෝදරත්වයේ (" යුනිටියේ" නොහොත් "ෆිට් එකේ" ) ඇති වටිනාකමත්, උපසංස්කෘතියේ ඇති රසමුසු තැන් ගැන ඉතා විනෝදකාමී ලෙස හදුන්වා දීමත් ය. තම කුඹුරෙහි තැනින් තැන මතුවන වල් මැරීමට ගොවි රාළ තෙල් ගසන්නා සේ ජේශ්ඨයෝ ද නවක වධයට විරෝධීව මතු විය හැකි අදහස් සියල්ල මරා දැමීමට මනෝ විද්යානුකූලව සැකසූ මනෝ ශුද්ධන වැඩපළිවෙලක් යොදා ගනිති. සතියක් ඉක්ම ගිය සැනින් නව විනය රීති මාලාව හදුන්වා දී දේශන නිම වූ විගස, කෑම පැයේදී පවා තම පහත් මානසික ආශාවන් තෘප්ත කර ගැනීම පිණිස නවක හිංසනයේ යේ යෙදවීම ජේශ්ඨයින් විසින් සිදුකරනුයේ සියළු මිනිස් ගුණ අමතක කරමිනි.
නමුත් 2007/08 වසරවල් තුළ දී ඉහත සාම්ප්රදායික RAG ස්වරූපය තරමක් දුරට හෝ වෙනස් කිරීමට සිදුවූයේ පීඨාධිපති තුමා ඇතුළු බහුතර ආචාර්යය මණ්ඩලයේ දැඩි විරෝධයත්, නවකවද විරෝධී සිසු පිරිස් විසින් පීඨය තුළ ඇති කල ප්රගතිගාමී චින්තන වෙනසත් නිසා ය. විශේෂයෙන් නවකවධ විරෝධී සිසු ක්රියාකාරිත්වය පසුගිය වසරේ කෙතරම් ප්රභල වීද යත් මල් සතිය දික් කිරීම,RAG සමයේ උප සංස්කෘතික සංකේත වූ චීත්ත ගවුම, ඉනපටිය රහිතව ඇදගත් කලිසම භාවිතයෙන් වැලකීම පමණක් නොව නවකවධ විරෝධී සිසු පරිස් අතරට ඔත්තුකරුවන් එවීමට පවා ඔවුනට සිදුවිය. ප්රසිද්ධ ස්ථාන වල RAG කිරීමෙන් වැලකුණු ඔවුහු ඒ වෙනුවට ආවණයවූ තැන් හා වැසිකිළි ආදිය තෝරාගත් ඔවුන් තමන්ට මෙවැනි ස්ථාන වල RAG කෑමටට සිදු වූයේ "අලයන්" නිසා බව මනසට ඇතුළු කළෝය.
නවකවධයට එරෙහිව දිගින් දිගටම ඇතිවන විරෝධයත් අප්රසාදයට පිලියමක් ලෙස "නවකවධය" නොහොත් "RAG" යන පදය වෙනුවට "නවක අනුගතකරණය" යන පදය භාවිත කරන බව නිල වශයෙන් අද දිවා කාලයේදී දැන ගන්නට ලැබිණි. RAG නිසා තමන් වෙතට ඇතිවී ඇති අප්රසාදය වසා ගන්නා අතරම AntiRaggers ලා මෙම අනුගතකරණයට සහාය නොදෙන කඩාකප්පල්කාරී පිරිසක් බව ආචාර්යය මණ්ඩලයටත්, නවක සිසුනත් ඒත්තු ගැන්වීම මෙහි එකම අරමුණ බව නම් සැකයක් නොමැත.වෙනදා වෙත කිසිදා පොදු ශාලාව (E-Fac Common Room) වෙත නොඑන RAGවාදීන් Common Room වෙතට කඩාපැනීමට පමණක් නොව, නවක සිසුන් එහි බලෙන් රදවාගෙන ඉන්නා බවට ඉහලට පැමණිලි කිරීමේ සූදානමක් ගැන ද දැනගන්නට ලැබිණි.
අප පීඨයට පැමිණෙන නවක සොයුරු සොයුරියන්ගෙන් මා කරන කාරුණික ඉල්ලීම නම් ඉහත මවාපෑම් වලට හසු නොවී කිසිවෙකුගේ හිංසනයට ලක් නොවීමට තමාට ඇති ඒ පරම අයිතිය රැක ගන්නා ලෙස කරන ඉල්ලීමයි.සරසවිය තුල වැඩිම නෛතික රැකවරණයක් හිමිව ඇත්තේ නවකයින්ට බව සැම විටම මතක තබා ගන්නග බැටළු සම පොරවාගෙන මිතුරු වෙසින් ඔබ වෙත එන වෘකයින් හදුනාගැනීමට පමා වීම විනාශයට හේතු වන බව අමුතුවෙන් කව යුතුද?

3 comments:

E/03 said...

My little bro, you can believe something and you may have your own ideas. But don’t think that it is the only truth.

upulpp said...

I'm "not believing" it's the truth...
But I know and even they showed it's the truth.
And I didn't wrote this based on my own ideas.
I just used exact phases used by some "representatives"(as they said)

roshan gunathilake said...
This comment has been removed by the author.

My calender