About Me

My photo

I'm an technology enthusiastic and Electrical and Electronic engineer. 

Friday, January 29, 2010

දෙශප්‍රේමිත්වය සහ දේශද්‍රෝහිත්වය



ඡන්දෙත් ඉවර වුණා. තාමත් විවිද සැක සංකා ආදිය ඉතිරිව තිබුණද සුබ අනාගතයක් ලක් වැසි සැමට උරුම වීමට නියමිතය. මැතිවරණ සමය තුල මහේන්ද්‍ර මැති තුමන්ට දෙශප්‍රේමී රට ගොඩනගන ස්වජතික බලවේගය ලෙසටත්, ප්‍රතිවාදී වූ බල මුලුව දේශද්‍රෝහී කුමන්ත්‍රණකාරී විජාතික බලවේගය ලෙසත් වත්මන් රජයේ ඇමති වරු අර්ථ ගැන්වූයේ ය.
දැන් ඡන්ද සටන අවසන් ය. රටේ පින් මහිමයෙන් දෙශප්‍රේමී රට ගොඩනගන ස්වජාතික බලවේගය ඔවුන් ම කියන පරිදි ඉතිහාස පොතේ නව පරිච්ඡේදයක් දැන් ඇරඹා තිබේ.


මෙවර බොහෝ දෙනෙක් පිලිගන්නා පරිදි පූර්ව මෙන්ම පශ්චාත් මැතිවරණ සමයෙහි උණුසුම බෙදා හදා ගැනීමට අන්තර්ජාලය වෙනදාට වඩා ඉහල මැදිහත් වීමක් සිදුකර ඇත. සයිබර් ප්‍රචාරණ කටයුතු සදහා අති විශාල මුදලක් මෙන්ම විශෙෂඥ කණ්ඩායම් යෙදවීමෙන්ද, පශ්චාත් සමය තුල සමාජ අඩවි තුල අසත්‍ය ප්‍රචාර ගෙන යන්නේ යැයි සැක කොට තිදෙනෙක් අත්තඩංගුවට ගැනීමෙන් ද මේ බව මොනවට පැහැදිලි වෙයි.
පූර්ව මැතිවරණ සමයේ සයිබර් මඩ ගසා ගැනීම් බහුලව වාර්තා විය.ඒවා ගැන සිවිස්තරාත්මකව කථා කිරීමට මා මේ අවස්ථාවේ බලාපොරොත්තු නොවේ.දැන් වඩා වැදගත් වනුයේ පශ්චාත් මැතිවරණ සමයේ ඇතිවී තිබෙන තත්වයයි. අන්තර්ජාලයේ බහුතර පිරිසක් සිය අපේක්ශකයගෙ ජය ඉතා අවිචාරවත් ලෙස විරුද්ධ පාක්ශිකයින්ට එරෙහිව යොදා ගන්නා තත්වයක් උද්ගතවී තිබේ.
ෆේසෙබුක් එකෙහි සහ වෙනත් ෆොරම් වල ජාතිවාදය ඇවිස්සෙන විතරක් නොව විරුද්ධ මතධාරීන් පාගා දමමින් නිග්‍රහ කරන පෝස්ට් ඉහවහ යද්දී ජය පැන් බොන ප්‍රබුද්ධ බහුතරය වචනයකින් වත් ඒවා නවත්තන්න ට දායක වන පාටක් පෙනෙන්නවත් නැත.
මේ ආකාරයේපෝස්ට් ඉදිරියටත් වැටෙන තුරු කිසිවක් නොකර බලන් හිටියහොත්, මේ තියෙන තත්වය මත සිවිල් අරගලයක් පවා ඇතිවෙන්න සෑහෙන ඉඩ කඩක් නිර්මාණය වන බව මගේ විශ්වාසයයි (මෙම තත්වය වඩාත් ත්‍රිව කිරීමට දායක වන්නේ රාජ්‍ය මාද්‍ය වල අධම වූ හැසිරීමයි ) , නමුත් මේ පිලිබදව මැදිහත් වීමෙන් යමක් කරන්න මේ තියන පරිසරය මත පුලුවන්කමක් ඇත්තේ ජය පැන් බොන පිරිසට ම බවත් අවිවාදයෙන් පිලිගත යුතුය.. මේ පිලිබද ඔවුන්ද තම මැදිහත් වීම ප්‍රතික්ශේප කරනව නම් එයින් පිලිඹිබු වන්නේ බහුතර ඡන්ද දායකයාගේදෙශප්‍රේමිත්වය ද නැත්නම් දේශද්‍රෝහිත්වය ද යන්න පිලිබද තර්ක විතර්ක ගෙන ඒමට මා බලාපොරොත්තු වන්නේ නැත.
ජයග්‍රහණය ගැන අවිචාරශීලී ලෙස උදම් ඇනීමට වඩා සෑහෙන වගකීමක් දැන් ඔවුනට පැවරී ඇත.
නියම මව් බිමට ආදරය තීරණය වෙන්නේ තමා රට වෙනුවෙන් ක්‍රියාවෙන් පෙන්වන දෙයින් මිසක් තමන් ඡන්දෙ දුන්නෙ කාටද කියන එක මත නොවන බව තේරුම් ගැනීමට දැනුදු ප්‍රමාධ නැත!

No comments:

My calender