About Me

My photo

I'm an technology enthusiastic and Electrical and Electronic engineer. 

Sunday, March 14, 2010

ලැප් ටොප් එක

මීට අවුරුදු 5~10 කට ඉස්සර අපි පාසැල් යන අවදියේදි,Multi processor පරිගණක, ලැප්ටොප් ආදිය ගැන අප සිහින මැව්වෙ ඒකාලෙ ඒවගේ දෙයක් මිලදී ගන්න තියා අතගාන්න වත් අවස්ථාවක් කිසිදා නොලැබේවි කියන දේ හිත යට සගවගෙන. මොකද ඉතින් කාලෙ ඒවයෙ මිලගණන් අද වගේ නෙමෙයිනෙ. නමුත් අද වනවිට දේවල් ලගා වෙන්න බැරිතරම් දුර තියෙන සිහින නොවෙයි.
කොහොම උණත් ඇමරිකාව සිංගප්පූරුව වගේ රටවල් වල ලැප්ටොප් මිල ගණන් එක්ක සසදන විටනම් තාමත් ලංකාවෙ මිල ගණන් සෑහෙන ඉහලයි.(පහත මිලගනන් සසදල බලන්න ).
[1 U.S. dollar = 113.986094 Sri Lankan rupees]

HP Pavilion dv7-3065dx VM238UA



Toshiba Satellite A505-S6030 PSAT9U-00K001 Laptop Computer –
Intel Core i7-720QM 1.6GHz,
4GB DDR3, 500GB HDD, DVDRW,
16" Display, NVIDIA GeForce 310M,
Windows 7 Home Premium 64-bit
Price:$949.99
Toshiba Satellite A505-S6030 Laptop Computer
http://images.tigerdirect.com/item-details/clearpixel.gif

________________________________________________________________________
HP Pavilion dv7-3065dx VM238UA Refurbished Notebook PC
AMD Turion II Ultra M600 2.4GHz,
4GB DDR2,
500GB HDD,
Blu-Ray, 17.3" LED,
Windows 7 Home Premium 64-bit
Price:
$669.99
____________________________________________________________________________
Acer Aspire AS5740-6491 LX.PM902.130 Notebook PC
Intel Core i5-430M 2.26GHz,
4GB DDR3,
500GB HDD, DVDRW,
15.6" Display,
Windows 7 Home Premium 64-bit, Blue
Price
$699.99
________________________________________________________________________
Toshiba Satellite A505-S6975 PSAP3U-01400C Notebook PC
Intel Core 2 Duo P7350 2GHz,
6GB DDR2,
500GB HDD,
DVDRW,
16”,
Vista Home Premium 64-bit
Price: $899.97
________________________________________________________________________


Acer Aspire AS5740-5255 LX.PM902.131 Notebook PC
Intel Core i3-330M 2.13GHz,
4GB DDR3, 320GB HDD, DVDRW,
15.6" Display,
Windows 7 Home Premium 64-bit, Blue
Price: 599.99


මේ පහසුකම් ම තියන ලැප්ටොප් පරිගණක ඔය යුනිටි එකේ රවුමක් ගැහුවොත් බලාගන්න පුලුවන් වෙයි.නමුත් මිල ගණන් නම් ඔය මිලට වඩා 60%~70% විතර වැඩියි.
මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියල නම් මම දන්නෙ නැහැ. නමුත් වෙළෙන්දො නම් කියන්නෙ අම්බානක ටැක්ස් වදින කතාවක්.(හැබැයි ඉතින් 70% කින් මිල වැඩි වෙන්න තරම්?). තවත් වැදගත් කරුණක්, ඔය මිල අඩුවට විකුණන බොහෝ ලැප්ටොප් පරිගණක "බ්‍රෑන්ඩ් නිව්" කිව්වට, ගොඩක් refurbished ඒව .ඒ කියන්නෙ මොනවහරි පොඩි අවුල් නිසා රිටර්න් වෙච්ච ලැප්ටොප්ස් නැවත අලුත් වැඩියා කරල වෙලද පොලට නිකුත් කරන එව, විශේෂයෙන් HP/Toshiba/DELL/Acer වගේ නිපැයුම් ඔරිජිනල් vista/windows 7 වගේ මෙහෙයුම් පද්ධතියක් නැතුව වෙලද පොලේ තියනවනම් ඒක බොහෝ දුරට refurbished විය හැකියි.අනික වගකීම් කාලය බැලුවොත්Branded laptop එකක් සාමාන්යෙන් 1 year international warranty නිකුත් කරනව. අපේ ගොඩක් වෙලද ආයතන නිකුත් කරන local warranty ගැන බැලුවොත් වසරක වගකීමක් සහ තවත් වසර 2 ක සේවා වගකීමක් දෙනව, ගොඩක් අය නොදන්න දෙයක් තමයි ඔය සේවා වගකීම කියල කරන්නෙ අලුත්වැඩියාවක් කරන්න උණාම ඒ සදහා නොමිලේ ශ්‍රමය සැපයීමක් පමණක් බව, අලුත්වැඩියා කරන්න parts එහෙම ඕන වුණොත් ඒ සදහා වියදම පාරිභෝගිකයා දැරිය යුතුයි. ඔය warranty claim කිරීමෙ රගේ තෙරෙන්නෙ ඉතින් අවුලක් උණාට පස්සෙ තමයි. පරිගණකයක් මිලදී ගන්න කලින් ඔය ටෙක්කතා, එලකිරි වගේ තැන් වල පොඩි සර්ච් එකක් දුන්නොත් තමන් පරිගණකය මිලදී ගන්න යන ආයතනයේ අලෙවියෙන් පසු සෙවාව ගෙන පොඩි අදහසක් ගන්න පුලුවන් වෙයි! පරිගණක විකුණන ආඅයතන බොහොමයක් තිබුණට authorized dealers ල විදියට ඔය බොහොමයක් ආයතන ලියාපදින්චි වෙලා නැහැ.
ලාබෙට හොද ලැප්ටොප් පරිගණකයක් අවශ්ය නම් හොදම විදිය ඔය පිට රටක ඉදල එන මිත්‍රයෙක් හරි නෑයෙක් හරි ලවා පරිගණකයක් ගෙන්වා ගැනීම. හැබැයි අපි බොහෝ දෙනෙකුට එවන් අවස්ථා නම් ලැබෙනව අඩුයි. තව නිතර රට සවාරි යන අය side business එකක් විදියට ඔය ලැප්ටොප් වෙලදාමත් කරනව. www.wow.lk වගේ තැන් වල මෙවැනි අය බහුලව ඉන්නව. ගැටලුව තියෙන්නෙ වගකීමක් නොමැති වීම සහ විශ්වාසවන්ත භාවය. නමුත් හොද ඉවක් තියනවනම් හොද පරිගණකයක් wow.lk වගේ තැනකින් උනත් පහසුවෙන් හොයා ගන්න පුලුවන්.
බොහෝ දෙනෙක් පෙරුම් පුරාගෙන ලැප්ටොප් එකක් ගත්තට පස්සෙ කරන්නෙ ඒකට මේසය මත වෙනම තැනක් වෙන් කරල "ඩෙස්ක් ටොප් " එකක් වෙනුවට පාවිච්චි කරන එක. ඇත්තටම මේක බොහෝ හාස්‍යජනක දෙයක්. ලැප්ටොප් එකක් මිලදී ගන්න කවුරු හෝ අපේක්ශා කරනවනම් මේක ඇත්තටම තමන්ට අවශ්‍යද කියල කීප විටක් හිතල බලල තීරණය කරන්න.
අවසන කරන්න මත්තෙන් ලැප්ටොප් පාවිච්චිය ගැන පොඩි කවියක් කියලම ඉවර කරන්නම් :)
ලැප්ටොපේ ඇති බරත්
එහි ඇති මහා වධයත්
ඇති සුදනෝ මිසක්
නොමැති අණුවන දනෝ නොදනිත්.
(ප.ලි. මේක කියවල ලැප්ටොප් පාවිච්චි නොකරන අය තරහක් එහෙම ඇති කරගන්න එපා :)

1 comment:

upulpp said...

"විශේෂයෙන් HP/Toshiba/DELL/Acer වගේ නිපැයුම් ඔරිජිනල් vista/windows 7 වගේ මෙහෙයුම් පද්ධතියක් නැතුව වෙලද පොලේ තියනවනම් ඒක බොහෝ දුරට refurbished විය හැකියි" කියන එක වරදවා තේරුම් ගන්න එපා, ඔරිජිනල් OEM මෙහෙයුම් පද්ධති තියෙන ඔක්කොම ලැප්ටොප් refurb නොවන ඒව කියල... OEM OS සමග එන refurb භාණ්ඩත් වෙළද පොලේ ඕනෑ තරම් තියනව...

My calender