About Me

My photo

I'm an technology enthusiastic and Electrical and Electronic engineer. 

Friday, April 2, 2010

~නොනිමි නැවතුම~


ආ මග දුර ය
සොඳුරු ය
කටු ඉඹුල්, රුදුරු මාරක
මඩ ගොහොරු
පසු කර ආ නමුදු,
නොමැත සැනසීමක්!
තවත් ඇත වැට කඩුලු
යෑමට, පසුකර...
"මදක් නවතින්න"
"ගිමන් හැර සැනසෙන්න"
කරන මුත් යටිසිත-
සොඳුරු ආයාචනයක්
නොහැක මට!
මුළු ලොවම හිනැහේවි...
මා දමා පැන යාවි!
මා අසමත් කියමින්...

මා අසරණයි!

හැකිමුත් ඇත්ත ඇති ලෙස දකින්නට
කරයි මට චෝදනා...
මගේ නොදැමුණු සිතට
මගේ කෙලෙසුන්
මගේ ආශාව
ඔවුන් හිනැහෙයි!
මා ද සසරේ අතරමං බව කියමින්
දිය නොහැක මට පිලිතුරක්,
නිහඬතාවය මිස...
දිය නොහැක වෙන යමක්,
අනුකම්පාව මිස...
සමා වුව මැන, මට...
වෙලා නැත නවතින්න
---

3 comments:

Zamanga said...

he..he...nice one machan...loke kerakena wegeta duwanna wela tiyenne....

Raven said...

නිර්මාණය අගෙයි. ඔබට ජය.

විශ්මි said...

අපූරු නිර්මාණයක්......

My calender