- Details
- Published Date
- Parent Category: Articles
- Written by Upul Pallekumbura
ඇත්ත නැත්ත -6 ( E-Mail අවවාදය: Phone එක Cancer ඇති කරයි!?)
1. Answer the phone by LEFT ear.- ෆෝන් භාවිතයේදී වම් කණ පාවිච්චි කරන්න?

මෙම පනිවිඩය විවිධ ස්වරූප වලින් ඊමේල් හා සමාජ ජාලා වලින් ව්‍යාප්ත වෙන එකක්! නමුත් බොහොම පැහැදිලිව මේ මගපෙන්වීම පදනම් විරහිත එකක්. වම් කණ හෝ දකුණු කණ පාවිච්චියෙන් කිසිම විශේෂ වාසියක් හෝ සෞඛ්‍ය අවදානම් වලින් මිදීමක් පර්යේශණාත්මකව හෝ තර්කාණුකූලව ඔප්පු වෙලා නැහැ!
මූලාශ්‍ර:
http://en.wikipedia.org/wiki/Mobile_phone_radiation_and_health
2. ජංගම දුරකථන පිලිකා වලට හේතු වේ!

මේකත් නිතරම කථා බහට ලක්වෙන මාතෘකාවක්. මේ ගැන වාද විවාද නම් බොහොමයක් තියනව, වෛද්‍ය පරික්ෂණත් රාශියක් සිදු වෙනවා. මේක විවරණය කරන්න වඩාක් හොදම මිනුම් දර්ශකය තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කරනු ලබන IARC (International Agency for Research on Cancer) වර්ගීකරණය. මෙම වර්ගීකරණයට අනුව ජංගම දුරකථන අයත් වන්නෙ 2B කාණ්ඩයට. ඒ කියන්නෙ ඉතා මද වශයෙන් පිලිකාකාරක හැකියාවක් (possibly carcinogenic to humans) ජංගම දුරකථන වලට තිබෙනවා! නමුත් මේගැන අවසන් නිගමනයකට එන්න තවත් පරීක්ෂණ රැසක් වෙන්න ඕන බව තමයි වැඩි දුරටත් සදහන් වෙන්නෙ.
නමුත් ජංගම දුරකථන නිශ්පාදන ප්‍රමිතීන් සෑදිමේ දී මේ වගේ සෞඛ්‍ය අවදානම් හැකිතාක් අවම වෙන විදියට තමයි නීති රෙගුලාසි හදල තියෙන්නෙ. මේ නිසා FCC (Fedaral Communications Commission) ICNIRP (International Commission on Non-Ionizing Radiation Protection) වැනි ආයතන ලබා දෙන තත්ව සහතික (Device Authentication Certificates) සහිත ජංගම දුරකථන මගින් විය හැකි සෞඛ්‍ය අවදානම නොගිනිය හැකි තරම් කුඩා බව අපට විශ්වාස කරන්න පුළුවන්.

නමුත් අප්‍රකට වෙලද නාම වලින් එන චීනයේ නිශ්පාදිත දුරකථන බොහොමයකට මෙම තත්ව සහතික නැහැ! සමහරක් සහතික ව්‍යාජ ලෙස මුද්‍රණය කල ඒවා!! ඉතිං ඒ වගේ ෆෝන් වලින් නම් පිලිකා ඇති වීමට වැඩි අවදානමක් තියෙන්න/නොතියෙන්න පුලුවන්.
මූලාශ්‍ර:
http://www.cancer.gov/cancertopics/factsheet/Risk/cellphones
http://news.bbc.co.uk/2/hi/health/2053565.stm
http://en.wikipedia.org/wiki/Mobile_phone_radiation_and_health
http://www.iarc.fr/en/media-centre/pr/2010/pdfs/pr200_E.pdf
3. Entering *3370# or some other code will unlock a reserve amount of battery to allow you to make another call. - *3370# කේතය මගින් ‘සගවා ඇති‘ බැටරි බලය ඇමතුමක් සදහා යොදාගත හැකියි?
![]()
මෙම තොරතුර මං හිතන්නෙ පොඩි ටැපලිල්ලක්
මෙම කේතය දුරකථන වලට අදාල එකක්! හැබැයි මේ කථාව විශ්වාස කරල වෙලාවක *3370# ගැහුවොත් වැඩක් වෙන්නෙ නැතිවෙයි (ඒ වෙනුවට බැටරිය කලින්ටත් වඩා වේගෙන් බහින්නත් ඉඩ තියනවා) *3370# මගින් කරන්නෙ Enhanced Full RateCodec –ON කියන විදානය දෙන එක! නොකියා දුරකථන වල Full Rate Codec හා Half Rate Codec කියල හඩ සැකසීමේ ක්‍රම වේද 2ක් තිබෙනවා. Full Rate Codec මගින් තමයි ඉහල ප්‍රමිතියකින් යුතු හඩ සැකසීමක් වෙන්නෙ. හැබැයි මේකට විදුලි බලය ටිකක් වැඩියෙන් වැය වෙනවා. Half Rate Codec එක අඩු විදුලි බලයක් යොදාගෙන ප්‍රමිතියෙන් මදක් අඩු හඩ සැකසීමක් තමයි කරන්නෙ. Half Rate Codec ක්‍රියාත්මක කිරීමට අදාල කේතය තමයි *#4720#
මූලාශ්‍ර:
http://programmerworld.net/articles/tips/nokia_codes.php
ලබන සතියෙත් ෆෝන් ගැන තව කථා කරමු! ඇත්ත නැත්ත තුලින් ඔබ මෙතෙක් නොසිතූ විරූ සමහර ‘අමූලික ඇත්ත‘ සහ ‘සහතික බොරු‘ බොහොමයක් ගැන තොරතුරු රැසක් ගෙන එන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ![]()
පසුගිය ලිපි:
ඇත්ත නැත්ත 2 (Coke බීල Mentos කමුද?)
ඇත්ත නැත්ත 3 - ආසනික්, සහල් සහ වකුගඩු ආබාධ - Arsenic, Rice and Chronic Kidney Disease




